Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 12:45:05 Hours

පෙර පාසල් දරුවන්ට දිරිදීමනා සහ දිවා ආහාර ලබාදීමේ ප්‍රජා ව්‍යාපෘතියක්

තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි 65 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි මුලිකත්වයෙන් ආලංකුලම් ග්‍රාම නිලධාරි වසමේ අදිරාදන් පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් සඳහා පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 08 වන දින පවත්වන ලදී.

ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවු මෙම වැඩසටහන අතරතුරදී, එම පෙර පාසලේ ඉගෙනුම ලබන අඩු අදායම්ලාභි පවුල්වල දරු දැරියන් 15 දෙනෙකුට දිරිදිමනා සහ දිවා ආහාර ලබාදුන්හ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම ව්‍යාපෘතියට සමගාමීව පෙර පාසලේ අබලන් වු සනීපාරක්‍ෂක පහසුකම් නැවත පිළිසකර කිරීමට ද භටපිරිස් කටයුතු කළහ.