10th December 2021 13:00:05 Hours
කොළඹ ඔක්ස්ෆර්ඩ් ආයතනයේ අනුග්‍රාහකත්වය මත ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (3) දින මන්නාරම ෆාතිමා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් පවත්වන ලදී. මෙම වැඩමුළුව 54 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත 543 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව එම අනුග්‍රාහකයින් විසින්ම එම පාසලේ සිසු දරු දැරියන් සඳහා පොත්පත් සහ පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ආදිනවයන් සහ එහි බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් පැවැති මෙම වැඩමුළුව දේශකයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී.
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පුරා පැය තුනකට අධික කාලයක් පැවැති මෙම වැඩමුළුව සඳහා 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සමඟින් නිලධාරීන් සහ සෙසුනිලයින් 23 දෙනෙකු පමණ සහභාගී වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ලබාදුන් උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 543 වන බලසේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළු මගින් සිසුන් 200 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමි විය.