10th December 2021 13:15:05 Hours
මන්නාරම පිහිටි 542 වන බලසේනාවේ භටපිරිස් එම ප්‍රදේශයේ ජිවත් වන අඩු ආදායම්ලාභි පවුල්වල ජිවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් පවුල් 26 ක් අතර කජු පැළ 400 ක් බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (07) දින දියත් කරන ලදී.
මන්නාරම, ඉසාමලතල්තිව් ප්‍රජා මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එස්.වී ප්‍රනාන්දු සහභාගී විය.
තවද එම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ දෙවන අණදෙන නිලධාරි සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු පමණ සිය සහයෝගය දැක්වූහ.