Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 13:30:05 Hours

592 වන බලසේනාවේ භටපිරිස් ඉදිකල නව පෙර පාසල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

Avalon Sri Lanka ආයතනයේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් මුලතිව්, 103 මුල්ලයාවේලි බටහිර ග්‍රාම නිලධාරි වසමේ ඉදිකල නව පෙර පාසල් ගොඩනැගිල්ල ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින විවෘත කරන ලදී. මෙම උත්සවය නව පෙර පාසලට ඇතුලත්වු දරු දැරියන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් විය.

අභිනවයෙන් ඉදිකල පෙර පාසල් ගොඩනැගිල්ලේ සමරුඵලකය මුලතිව් දිස්ත්‍රික් ලේකම් තුමන් විසින් නිරාවරණය කිරීමෙන් අනතුරුව 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඩී සූරියබණ්ඩාර සහ පෙර පාසලේ ගුරුවරිය එක්ව පීත්ත පටිය කපා නව පෙර පාසල් ගොඩනැගිල්ල විවෘත කළහ.

එහිදී, පිළිගැනීමේ කතාව සිදුකිරීමෙන් අනතුරුව, නව පෙර පාසලට පළමු දරුවා ඇතුලත් කරගැනීම සඳහා ලියාපදිංචි කිරීම සිදුවිය. මෙම උත්සවය අතරතුරදී, දරු දැරියන්ට පාසල් උපකරණ සහ පොත්පත් ප්‍රදානය කෙරිණි. 592 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම පෙර පාසලේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකරන ලදී.

හින්දු ආගමික වතාවත් සහ චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව පැවති නව පෙර පාසල විවෘත කිරීමේ උත්සවයට ආගමික පූජකවරුන්, Avalon Sri Lanka ආයතනයේ අධ්‍යක්‍ෂ කේතිෂ් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ යුද්ධ හමුදා භටපිරිස් සහභාගි වුහ.

මෙම පෙර පාසලේ ඉදිකිරිම් කටයුතු වර්ෂ 2020 දෙසැම්බර් මස 8 දින ආරම්භ කළ නමුත් කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාමත් සමඟ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කල්ගත විය. නව පෙර පාසල විවෘත කිරීමේ උත්සවය සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.