10th December 2021 11:00:33 Hours
කතරගම වැඩිහිටි කන්ද විහාර මාර්ගය ආසන්නයේ පදිංචිව සිටින අඩු ආදායම්ලාභි කේ.එම්. ජයශාන්ත ප්‍රේමකුමාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කතරගම දේවාලයේ කළමනාකාරීත්වයේ අනුග්‍රාහකත්වය මත තවත් නව නිවසක් ඉදිකරදෙන ලදී.
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 30 දින පැවැති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රනුකූලව නව නිවස විවෘත කර නිවසේ යතුර නිවාසලාභියා වෙත භාරදුන්නේය.
නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුරදී, මෙම අවස්ථාවට සහභාගි වූ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර විසින් නිවසට අවශ්‍ය උපකරණ කිහිපයක් නිවාසලාභියා වෙත ප්‍රදානය කරන ලදී.
පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ඇතුළු පිරිසක් සහභාගි වූහ.