Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2021 10:00:33 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් සිය ධුරයෙන් නික්ම යයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සිය ධුරයෙන් නික්ම යාමේ උත්සවය දෙසැම්බර් මස 05 දින දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කුමාර වනසිංහ සමගින් රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් විසින් රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්හ.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් එතුමන් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුද කළේය. ඉන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් පසුව භටපිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපතිතුමන්, 12 වන රෙජිමේන්තු අධිපති ලෙස තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුදෙනාට සිය ස්තූතිය පුද කළේය.

මෙම උත්සවය අතරතුරදී, අභිනවයෙන් ඉදිකළ වෛද්‍ය පරික්‍ෂණ කාමරය, රෙජිමේන්තු පුස්තකාලය සහ එළිමහන් රංගපීඨය නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. රෙජිමේන්තු අධිපතිතුමන් එම පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.

රෙජිමේන්තු අධිපතිතුමන් රැගත් රථය රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යන විට, සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් මාර්ගය දෙපස පෙළ සැදි නික්ම යන රෙජිමේන්තු අධිපතිතුමන්ට ගෞරවාචාරය පුද කළහ.