Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2021 19:22:19 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි සහ 21 වන සේනාංකයේ මුලිකත්වයෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් දරු දැරියන්ට පාපැදි බෙදාදෙයි

තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරත්න හිමිපාණන්ගේ සම්බන්ධීකරණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සහ 21 වන සේනාංකයේ මූලිකත්වයෙන් චෙඩ්ඩිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා පා පැදි 20 ක් සහ වියළි සලාක පාර්සල් 20 ක් බෙදාදීමේ ව්‍යාපෘතියක් 2021 දෙසැම්බර් මස 05 දින පෙරියකාඩු ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමිපාණන්ගේ සම්බන්ධීකරණය මත ‘Path’ සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක කළ පා පැදි පරිත්‍යාග කිරිමේ මෙම වැඩසටහන මගින් අඩු ආදායම්ලාභී පවුල්වල වෙසෙන පාසල් දරු දැරියන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කරලීම අපේක්‍ෂා කෙරේ.

පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමිපාණන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කර සංවිධානය කළ මෙම ව්‍යාපෘතිය 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ජී.ජේ.එන් ආරියතිලක ගේ අධීක්‍ෂණය යටතේ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් එස්.ඩී. රත්නසිරි විසින් 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ උපදෙස් මත ක්‍රියාත්මක කළහ. මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතුන්, යුද්ධ හමුදා නිලධාරින් සහ ‘Path’ සංවිධානයේ සාමාජිකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගි වූහ.