Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2021 17:22:19 Hours

58 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළ රෝපණ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පසුගියදා මීගමුව සිංහ සමාජය සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. එම ව්‍යාපෘතියට සමගාමීව ඉකුත් සිකුරාදා (03) දින පුත්තලම පිහිටි 58 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ටීජේ (අල්පෝන්සු) වර්ගයේ අඹ පැළ 100 ක් රෝපණය කළහ.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ලබාදුන් උපදෙස් මත දියත් කරනු ලැබූ මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් ජූඩ් කාරියකරවන ඇතුළු මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.