Header

Sri Lanka Army

Defender of the Nation

11th December 2021 00:33:55 Hours

නික්ම යන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සහ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරි හොබවා නික්ම යන කර්නල් ඩේවිඩ් ඇල්ෆ්‍රඩ් අෂ්මන් (Colonel David Alfred Ashman) සහ එම ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත කර්නල් පී.ජේ. ක්ලේටන් (Colonel P.J Clayton) අද (09) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේදී නික්ම යන කර්නල් ඩේවිඩ් ඇල්ෆ්‍රඩ් අෂ්මන් සිය සේවා කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය කෘතඥතාවය පුදකළේය.

ඉන් අනතුරුව, එතුමන් විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත කර්නල් පී.ජේ. ක්ලේටන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වාදුන් අතර තමා වෙත ලබාදුන් සහයෝගය එලෙසම නව ආරක්‍ෂක උපදේශකතුමන් වෙත ලබාදෙන මෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් ප්‍රකාශ කරමින් ද්වීපාර්ශ්වික රාජකාරි ඉටුකිරීමේදී ලබාදුන් සහයෝගීතාවය වෙනුවෙන් කර්නල් ඩේවිඩ් ඇල්ෆ්‍රඩ් අෂ්මන් වෙනුවෙන් සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නික්ම යන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමුවේය.