10th December 2021 13:41:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (09) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
එහිදී, මේජර් ජෙනරල් විකුම් ලියනගේ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මහා සංඝරත්නය විසින් එතුමන්ගේ නව ධූරය වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් ‘සෙත්පිරිත්’ සජ්ඣායනා කරනු ලැබූහ. එහිදී, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශ මත මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයේ රාජකාරි සිදුකළේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සුබපැතීම සඳහා එක්වූහ.
නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ශේන් ගුණවර්ධන ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.
මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
එම හමුවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමය නිපුණත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙසත් දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිය වගකීම උපරිමයෙන් ඉටු කරන ලෙසත් මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත උපදෙස් ලබාදුන්හ.
මේජර් ජෙනරල් විකුම් ලියනගේ ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
එම හමුවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීමය නිපුණත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙසත් දිවයින පුරා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිය වගකීම උපරිමයෙන් ඉටු කරන ලෙසත් මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත උපදෙස් ලබාදුන්හ.