Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 14:54:15 Hours

1 වන බලකාය වෙතින් 58 වන සේනාංකයේ උපදේශකවරුන් පුහුණු කරයි

පුත්තලම ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ බලඇණි පුහුණු උපදේශක සංස්කරණ පාඨමාලාව පසුගිය බදාදා (01) දින උසස් පුහුණු පාසලේ උපදේශකවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

නිලධාරින් 03 දෙනෙක් සහ සෙසුනිලයින් 47 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් පසුගියදා ආරම්භ වු මෙම උපදේශකයින් පුහුණු කිරීමේ පාඨමාලාව 2021 දෙසැම්බර් මස 23 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

1 වන බලකායේ බලකාධිපති ලබාදුන් උපදෙස් මත 58 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ විශේෂ උපදේශක කණ්ඩායමක් විසින් මෙම පාඨමාලාවේ විෂය මාලාව සකස් කරන ලදී.

මෙම පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවට 58 වන සේනාංකයේ සේනාංකාධිපති වෙනුවෙන් සහභාගි වූ 583 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී. ජයමහ විසින් ආරම්භක දේශනය පවත්වන ලදී.