Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 16:58:07 Hours

අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ 1 වන බලකායේ නිලධාරින් දැනුවත් කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ජාත්‍යන්තර මානුෂීයවාදී නීති හා මානව හිමිකම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ‘හමුදාවේ අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම්’ (Military in Internal Security Operations) පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකා මූලස්ථානයේ දී 2021 නොවැම්බර් මස 25 සහ 26 දෙදින පුරා පැවැත්විණි.

මෙම වැඩමුළුව කලාපීය සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා මෙරට නියෝජිත බ්‍රිගේඩියර් ජැක් ලෙමේ (විශ්‍රාමික) (Brigadier Jacques Lemay) සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත චන්න ජයවර්ධන මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩමුළුවට 1 වන බලකා මුලස්ථානය, 53 වන පාබල සේනාංකය, ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, 8 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ 9 ශ්‍රී ලංකා සංඥා බලකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙක් සහභාගි වූහ.