06th December 2021 15:58:07 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ‘ගම සමඟ පිළිසඳරක්’ ජාතික ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදාව වෙත භාරදුන් පාසල් ක්‍රීඩාපිටි 8 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ අවසන් ක්‍රීඩාපිටිය වන වලල්ලාවිට මහා විද්‍යාල ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය දා අවසන් කෙරිණි. 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සාර්ථකව අවසන් කල මෙම ක්‍රීඩාපිටිය නොවැම්බර් මස 24 දින එම විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පවරාදෙන ලදී.
‘ගම සමඟ පිළිසඳරක්’ ජාතික ව්‍යාපෘතියේ 7 වන වැඩසටහන 2021 ජනවාරි මස 23 දින වලල්ලාවිට ගම්මානයේදි පැවති අතර එහිදී, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩාපිටි 08 ක ප්‍රතිසංස්කරණ කටයුතු යුද්ධ හමුදාව වෙත භාරදෙන ලදී.
පාසල් සිසු සිසුවියන්ගේ ක්‍රීඩා දක්‍ෂතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූහ.
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර ලබාදුන් උපදෙස් මත පොදු කාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අසංග පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.