06th December 2021 17:58:07 Hours
පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් මහරගම වජිරාරාම විහාරස්ථානයේ පූජ්‍ය හොරවිල ශාන්තසිරි හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත අම්බලපෙරුමාල්කුලම් කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 23 දෙනෙකු වෙත පසුගිය සිකුරාදා (03) දින පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
662 වන බලසේනාවේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන එම බලසේනාව යටතේ ස්ථාපිත 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අම්බලපෙරුමාල්කුලම් කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවති අතර ඒ සඳහා පරිත්‍යාගශීලීන්, ගුරුවරුන් සහ දෙමව්පියන් ද එක්වූහ.
මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ සහභාගී විය. පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය සඳහා අමාතියපුරම් ආවේ මරියා දේවස්ථානයේ ගරු ජේසුනාත් අපොන්සු පියතුමා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අම්බලපෙරුමාල්කුලම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි, අම්බලපෙරුමාල්කුලම් කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් සහභාගි වූහ.