Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2021 10:47:41 Hours

කතරගම දේවාල අරමුදලේ ප්‍රතිපාදන මත භටපිරිස් වෙතින් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක්

කතරගම දේවාලයේ සහ බස්නායක නිලමේතුමන්ගේ අනුග්‍රායකත්වය මත කතරගම වැඩිහිටි කන්ද විහාර මාර්ගයේ තාවකාලිකව පදිංචිව සිටි අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ඉදිකල නව නිවස ආගමික වතාවත් මධ්‍යයේ සමරුඵලකය නිරාවරණය කර චාරිත්‍රනුකූලව විවෘත කිරීමේ උත්සවය නොවැම්බර් මස 30 දින පැවැත්විණි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය අතරතුරදී නව නිවසේ යතුර නිවාසලාභි සුජිත් ප්‍රසංග මහතා වෙත සංකේතාත්මකව භාරදුන්නේය. මෙම අවස්ථාවට නිවාසලාභි පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවය සඳහා පරිත්‍යාගශීලින්, 122 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.