Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 14:52:15 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් කෙවිලියමඩු ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි සලාක පාර්සල්

231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩි. බණ්ඩාර ලබාදුන් උපදෙස් මත 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් මඩකලපුව ගරු ජේසුදාසන් පියතුමන්ගේ මුල්‍යමය දායකත්වය ඇතිව කෙවිලියමඩු ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 30 ක් අතර එකක් රුපියල් 4000/= ක පමණ වටිනාකමින් යුත් වියලි සලාක පාර්සල් 30 ක් නොවැම්බර් මස 28 දින බෙදාදෙන ලදී.

කෙවිලියමඩු ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල් අතර සහල්, පරිප්පු, කරවල, කුළුබඩු ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු වියලි සලාක පාර්සල් බෙදාදීමේ මෙම වැඩසටහන 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි විසින් සංවිධානය කරන ලදී.

පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම වැඩසටහන සඳහා පරිත්‍යාගශීලි ගරු ජේසුදාසන් පියතුමන්, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඩබ්ලිව්.එම්. උදයකුමාර ඇතුළු එම ඒකකයේ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.