06th December 2021 14:58:07 Hours
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ සුවිශේෂි කාර්යභාරයක් ඉටුකල යාපනය අර්ධද්වීපයේ වෛද්‍ය නිලධාරින් 29 දෙනෙකු, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් 86 දෙනෙකු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 210 දෙනෙකුගේ සේවය පැසසුමට ලක් කරමින් ඔවුන් වෙත සමරුතිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් සෙනසුරාදා (04) දින කන්කසන්තුරේ තල්සෙවණ නිවාඩු නිකේතනයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්ත ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම යාපනය ආර්ධද්වීපයේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගි විය.
තවද මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ - යාපනය වෛද්‍ය ඒ. කේතිෂ්වරන්, ප්‍රාදේශිය වසංගත පාලන නිලධාරි වෛද්‍ය පී. පරනීතරන්, යාපනය ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්. ශ්‍රීබවනන්දරාජා, මානසික, ළමා සෞඛ්‍ය සහ පාසල් වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස් නිත්‍යානන්ද, වෛද්‍ය එන්. නික්සන් කමලරාජන් යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.
යාපනය ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් නොමසුරු දායකත්වයක් දැක්වු ‘ත්‍යාගී පුණ්‍ය භාරයේ’ සභාපති වී.ත්‍යාගේන්ද්‍රන් මහතා ද එම උත්සවය අතරතුරදී ඇගයීමට ලක්විය. එතුමන් වෙනුවෙන් පිරිනැමු සමරුතිළිණය එම අවස්ථාවට සහභාගි වු එතුමන්ගේ දියණිය වන ත්‍යාගේන්ද්‍රන් මෙනවිය විසින් පිළිගත්තාය.
සංස්කෘතික නර්ථන අංගයන්ගෙන් වර්ණවත් වු මෙම උත්සවයේදී සිය ජිවිත අවදානම නොතකා රාජකාරියට වාර්තා කරමින් උත්තරීතර කැපකිරීමක් සිදුකල සියලුදෙනා පැසසුමට ලක් කෙරිණි. තවද, අහිංසක ජිවිත සිය ගණනක් බේරාගනිමින් මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පැනවීම වැනි කාලෝචිත තීරණ ගත් බවද මෙහිදි සඳහන් කළේය.
පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්ත ලෙස එක්වු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙන්ම යාපනය ආර්ධද්වීපයේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සුරතින් සමරුතිළිණ සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.