Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2021 18:00:44 Hours

65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණයෙන් අඩු ආදායම්ලාභි පවුලක දරු දැරියන්ට ශිෂ්‍යත්ව

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අනුග්‍රාහකභවතුන්ගේ දායකත්වය මත වව්නිකුලම්, පලිනගර් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය දක්වමින් ඔවුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එතුමන්ගේ සහෝදරිය වන ඕස්ට්‍රේලියාවේ පදිංචි කේ.ඒ. ශිරානි මහත්මිය විසින් පලිනගර් විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ප්‍රදීපන් කිරුෂලානි දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා සෑම මසකම රුපියල් 5000.00 ක ශිෂ්‍යත්වයක් පිරිනැමීමට ඉදිරිපත් විය.

එමෙන්ම, කොල්ලාවිලන්කුලම රජයේ දමිල මිශ්‍ර පාසලේ 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ප්‍රගීත් දිනෝතිපන් දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා එරංග ජයකෝඩි මහතා සෑම මසකම රුපියල් 3000.00 ක ශිෂ්‍යත්වයක් එම දරුවා වෙනුවෙන් ලබාදීමට ඉදිරිපත් විය.

දෙමව්පියන් හැරයාම හේතුවෙන් එම දරුවන් දෙදෙනා ගේ භාරකාරත්වය ඔවුන්ගේ මිත්තනිය විසිනි දැරුවේය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 652 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි විසින් 2021 නොවැම්බර් මස 30 දින පලිනගර් විද්‍යාලයේදී එම දරුවන් දෙදෙනා වෙත මෙම ශිෂ්‍යත්වය ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට පලිනගර් විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන් ද එක්වූහ.

652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර ගේ අධීක්‍ෂණය යටතේ 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී.