06th December 2021 13:31:30 Hours
කොළඹ යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලයේ ආරාධනයකට අනුව ‘පෝෂණ ප්‍රතිකාර සහ බරපතල රෝග’ (Nutrition Therapy and Critical Illness) යන තේමාව ඔස්සේ හරවත් දේශනයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රුෂ්දි අහමඩ් විසින් ඉකුත් බදාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී සිදුකරන ලදී.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන අංශයේ සහ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු කාර්යමණ්ඩලයේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම දේශන සැසිය සඳහා යුද්ධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිලධාරින් සහ හෙද හෙදියන් සහභාගි වූහ.