05th December 2021 15:00:44 Hours
බංගලාදේශයේ ඩකාහි ෂහීඩ් තාජුදීන් අහමඩ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් 1 දින සිට 5 දින දක්වා පැවති Yonex Sunrise බංගලාදේශ ජාත්‍යන්තර අභියෝගතා තරඟාවලිය - 2021 බැඩ්මින්ටන් තරගයේදී ඉන්දීය කණ්ඩායම සමඟින් පැවති පිරිමි ද්විත්ව ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ.
පසුගිය ඉරිදා (05) දින පැවති මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල එච්.එස්.පී. ඩයස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල බී.ටී.ඩී.ඩී. ගුණතිලක සහභාගී වූහ.
මෙම තරඟාවලිය සඳහා ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව ආදී රටවල් 9 ක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූහ.