Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2021 08:39:40 Hours

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මීට වසර 34 කට ප්‍රථම දියතලාව පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් කෙඩෙට් නිලධාරියෙකු ලෙස පුහුණුව ලබා 2 වන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්විම පිළිබඳ මතකයන් සිහිපත් කරමින් පසුගිය සිකුරාදා (03) දින එම විද්‍යාපීඨයේ සංචාරයක නිරත වූවේය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නලින්ද නියන්ගොඩ ඇතුළු එම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ‘සාම ස්මාරකය’ අභියසදී යුද්ධයෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

ඉන් අනතුරුව, එතුමන් එම විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින්ගේ භෝජනාගාරයේ සහ ඇල්ල කෞතුකාගාරයේ සංචාරය කළ අතර එහිදී, සිය කෙඩෙට් නිලධාරි පුහුණු කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ද දැකබලාගැනීමට හැකිවිය. ඉන් අනතුරුව, එම පරිශ්‍රයේ සිදුකරමින් පවතින ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය කිරීමට ද එතුමන් එක්විය.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.