03rd December 2021 10:30:37 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා පැවැත්වෙන බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය බදාදා (01) දින වලමණ්ඩිය බලඇණි පුහුණු පාසලේදී ආරම්භ විය.
යුද්ධ හමුදා නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙම බලඇණි පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.ඒ.කේ. දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සමාරම්භක උත්සවය සඳහා 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ජී.ටී.ඩබ්ලිව්.ඒ.එම්.ආර්.පී.එස්. බෝයගොඩ, බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිතන් කර්නල් එන්.ඩබ්ලිව්.ඩී.ඒ. නානායක්කාර ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම බලඇණි පුහුණු පාඨමාලාව 2022 ජනවාරි මස 19 දින දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා නිලධාරින් 09 දෙනෙකු සහ සෙසුනිලයින් 338 දෙනෙකු සහභාගී වේ.