03rd December 2021 10:40:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අතිරේක ප්‍රහාරක බලගණය ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත 1 වන බලකාය ලෙස වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එම බලකායේ මූලස්ථානය පෙර පැවති ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි පරිශ්‍රයේ ප්‍රතිස්ථාපනය කරන ලදී. ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි සිහිගැන්වීම වෙනුවෙන් පසුගිය දා 1 වන බලකා මූලස්ථාන පරිශ්‍රයේ කෞතුකාගාරයක් ස්ථාපිත කරනු ලැබීය.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ උග්‍ර අවධියේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි මූලස්ථාන පරිශ්‍රයේ මේ වනවිට 1 වන බලකා මූලස්ථානය ස්ථාපිත කර ඇත. පෙර තිබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි සිහිවටන සඳහා විශේෂ වටිනාකමක් එක්කරමින් ස්ථාපිත කරනු ලැබූ මෙම කෞතුකාගාරය 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ සුරතින් බදාදා (01) දින විවෘත කරන ලදී.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් නව කෟතුකාගාරයේ සමරුඵලකය නිරාවරණය කර විවෘත කිරීමේ අවස්ථාව සඳහා 1 බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ. මෙම කෟතුකාගාරය ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි හි ඡායාරූප සහ තවත් බොහෝ සිහිවටන වලින් සමන්විත වේ.
1 වන බලකායේ නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ සහයෝගය හා මඟපෙන්වීම මත 9 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ සහ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම නව කෟතුකාගාර ගොඩනැගිල්ල ඉදිකරන ලදී. මෙම උත්සවය පවතිත සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.