03rd December 2021 14:18:14 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි අරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය සිකුරාදා (26) දින සිය සහයෝගය දැක්වූහ.
56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා ගේ උපදෙස් හා 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ගේ අධීක්‍ෂණය යටතේ 15 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙලෙස සිය ශ්‍රම දායකත්වය සහ අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් වෙත ප්‍රදේශයේ ජනතාවගෙන් ද සහයෝගය හිමිවිය.