Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2021 12:00:44 Hours

තවත් ඔක්සිජන් මාපක (oximeters) රෝහල් වෙත බෙදාදෙති

අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කළ ඔක්සිජන් මාපක (oximeters) යන්ත්‍ර කිහිපයක් අම්බලන්තොට ප්‍රාදේශිය රෝහල, බෙලිඅත්ත ආයුර්වේද රෝහල, කිරින්ද ප්‍රාදේශිය රෝහල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය රෝහල, තිස්සමහාරාම මූලික රෝහල, කතරගම ප්‍රාදේශිය රෝහල, බෙලිඅත්ත ප්‍රාදේශිය රෝහල, වලස්මුල්ල ප්‍රාදේශිය රෝහල, හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත බෙදාදීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් කටයුතු කළහ.

පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙනු ලබන මෙවැනි වෛද්‍ය උපකරණ වඩාත් අවශ්‍යතා සහිත රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන මෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

මෙම වෛද්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා විසින් ලබාදුන් උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක විසින් ක්‍රියාවට නැංවිණි.