Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2021 13:00:44 Hours

ගලයාය ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සේවා පුහුණු පාසලෙන් පැළ සිටුවීමේ සහ පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සහ මහවැලි අධිකාරියේ සහයෝගය ඇතිව පසුගිය අඟහරුවාදා (30) දින ගලයාය ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා පුහුණු පාසලේදී කුඹුක්, මී සහ පොල් පැළ 250 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

ඉංජිනේරු සේවා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් මිල්රෝයි පෙරේරා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා එම පුහුණු පාසලේ පුහුණුව ලබන භටපිරිස් සහ උපදේශකයින් සිය සහයෝගය දැක්වූහ.

එමෙන්ම, කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සහයෝගය දක්වමින් ඉංජිනේරු සේවා පුහුණු පාසල වෙතින් කාබනික පොහොර සහ දියර පොහොර කිලෝග්‍රෑම් 2000 ක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ද මෙම අවස්ථාවේදී ආරම්භ කරන ලදී.