04th December 2021 06:14:34 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් ඉකුත් බදාදා (1) දින නුවරඑලිය රෝහලේ සුළු සේවකයින්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් එම රෝහලේ පරිපාලන කටයුතු සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති විසින් ලබාදුන් උපදෙස් මත භටපිරිස් මේ සඳහා සක්‍රියව දායක වූහ.