04th December 2021 08:14:34 Hours
පසුගිය දා රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සිය බලප්‍රදේශයේ සංචාරයක් සිදුකරන ලදී.
ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ නොවැම්බර් මස 29 වන දින 59 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත 591, 592 හා 593 වන බලසේනා මුලස්ථානවල සංචරයක නිරත වු අතර එහිදි බලසේනාධිපතිවරුන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගත්හ. එම සංචාරය අතරතුරදී, බලසේනා මුලස්ථාන වෙත පැවරි ඇති කාර්යභාරය සහ වගකීම් පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කෙරිණි. මෙම සංචාරය සනිටුහන් කරමින් බලසේනා මුලස්ථාන පරිශ්‍රයන් තුළ පැළ රෝපණය කළ ආඥාපතිතුමන් භටපිරිස් ද ඇමතූවේය.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සංජය වනසිංහ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු තුළ සංචාරය කරමින් භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය.
පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති එම සංචාරය අතරතුරදී, ඒකකයන් වෙත පැවරි ඇති කාර්යභාරය සහ වගකීම් පිළිබඳ අණදෙන නිලධාරින් විසින් ආඥාපතිතුමන් දැනුවත් කෙරිණි. මෙම සංචාරය සනිටුහන් කරමින් ආඥාපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයන් තුළ පැළ ද රෝපණය කළේය.