04th December 2021 09:14:34 Hours
පූජ්‍ය අනුරාධපුර අනුරුද්ධ හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත අංක 11 උරෑව සහ අංක 14 බෝගහවැව ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභි පවුල් 100 ක් වෙත පසුගිය ඉරිදා (28) දින යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි.
ඒ අනුව, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ සහ 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිනේෂ් ලියනගම ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති වියළි සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා පූජ්‍ය අනුරාධපුර අනුරුද්ධ හිමිපාණන් සහ 622 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර අබේසිංහ සහභාගී වූහ.