03rd December 2021 10:59:37 Hours
නවතමයෙන් ස්ථාපිත කළ 1 වන බලකායට ආශිර්වද එක්කිරීමේ ආගමික වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන 2021 නොවැම්බර් මස 27 දින ‘කිරිවෙහෙර’ සහ කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහභාගි වු අතර එම සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.
මෙම ආගමික වැඩසටහන බුත්තල පිහිටි 5 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.