Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2021 08:45:24 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහලට Ultrasound Scanner ස්කෑනර් යන්ත්‍රයක්

Meditechnology Holdings පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 2.5 ක පමණ වටිනාකමකින් යුත් Mindray Portable Ultrasound Scanner යන්ත්‍රයක් ඉකුත් අඟහරුවාදා (30) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පරිත්‍යාග කරන ලදී.

Meditechnology Holdings පුද්ගලික සමාගමේ සහකාර සාමාන්‍යාධීකාරි රංග ජයකොඩි මහතා සහ Meditechnology Holdings පුද්ගලික සමාගමේ නිෂ්පාදන ඉංජිනේරු අමිල දිනේෂ් යන මහත්වරුන් නාරාහේන්පිට පිහිටි යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චම්පික අත්තනායක, යුද්ධ හමුදා රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කර්නල් ෂෙහාන් වාස් සහ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් චම්පිකා අබේසිංහ හමුවී මෙම පරිත්‍යාගය භාරදුන්නේය.

මෙම පරිත්‍යාගය වෙනුවෙන් යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චම්පික අත්තානයක මෙහිදි පරිත්‍යාගශීලින්ට සිය ස්තූතිය පුද කළේය.