03rd December 2021 14:26:49 Hours
සංහිඳියාව සහ සහයෝගිතාවය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකා හෝටල් උපාධිදාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය හා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සම්බන්ධීකරණයෙන් ඔඩ්ඩුසුඩාන් රජයේ රෝහල වෙත පසුගිය බදාදා (01) දින ලිනන් රෙදි සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ නියෝජනය කරමින් සහභාගී වූ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් විසින් මෙට්ට, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය රෝහල් බලධාරින් වෙත පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන්, රෝහල් භාර නිලධාරි වෛද්‍ය එස්. ප්‍රභූ ශංකර්, 64 වන සේනාංකයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් එක්වූහ.