Header

Sri Lanka Army

Defender of the Nation

03rd December 2021 14:38:10 Hours

නාගොඩ සහ පානදුර මූලික රෝහල්වල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට යුද්ධ හමුදා භටපිරිස්වල සහය

වෘත්තීය ඉල්ලීම් මුල්කරගනිමින් නාගොඩ සහ පානදුර මූලික රෝහල්වල හෙද සහයක සහ සුළු සේවක කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු ඉංජිනේරු බලකායේ සහ 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ භටපිරිස් විසින් පසුගිය බදාදා (01) දින එම රෝහල්වල අස්ථි සෞඛ්‍ය සේවා කළමනාකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබූහ.

එම රෝහල්වල පරිපාලන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරවීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සෙනරත් යාපා වෙත උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මැදිහත්වීමෙන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම කාර්යභාරය වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් යොදවන ලදී.

රෝහල් සඳහා යොදවා සිටි භටපිරිස් රෝහල් කාර්යභාරය සඳහා දක්වනු ලැබූ දායකත්වය 612 වන බලසේනාවේ බලසේනාධිපති, 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ සහ 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බලකායේ අණදෙන නිලධාරින් විසින් අධීක්‍ෂණය කරනු ලැබූහ.