01st December 2021 16:00:30 Hours
‘කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ යාන්ත්‍රණය’ යන තේමාව ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සාකච්ඡා කිරීමේ සැසියක් ඉකුත් සඳුදා (29) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් චන්දන අරංගල්ල ගේ සම්බන්ධිකරණයෙන් පැය 3 කට අධික කාලයක් පැවැත්විණි.
මෙම වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත්යාපා ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.
එන්නත්කරණ ක්‍රියාවලියේ විවිධ අදියරයන්, නිරෝධායන මධ්‍යස්ථාන හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පිළිබඳ අධීක්‍ෂණය, කොවිඩ් - 19 වෛරසයෙන් මහජනතාව ආරක්‍ෂා කරගැනීම උදෙසා සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් සම්බන්ධීකරණය කිරීම, ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ලබාදෙන උපදෙස් ක්‍රියාවට නැංවීම සහ අනෙකුත් සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් බ්‍රිගේඩියර් සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් සී.පී. අරංගල්ල සහ කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපන පීඨයේ මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක විසින් මෙම සැසිය මෙහෙයවන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත්යාපා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කිහිපදෙනෙකු සහභාගී වූහ.