Header

Sri Lanka Army

Defender of the Nation

01st December 2021 17:00:30 Hours

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති පාඨමාලාවක් සාර්ථකව අවසන් කර තවත් පාඨමාලාවක් ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුහුණු සැලැස්මට අනුව ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 41’ සමාරම්භක දේශණය සහ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 53’ සමාප්ති දේශනය පසුගිය සදුදා (29) දින අම්පාර සටන් පුහුණු පාසලේ දී සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

මෙම පාඨමාලා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කිරීමට සහ අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා කොමිෂන් නොලත් නිලධාරින් හැඩගැන්වීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් කල්ප සංජීව විසින් ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 41’ සාර්ථකව හැදෑරු භටපිරිස් වෙත එම පාඨමාලාවේ වැදගත්කම පිළිබද තවදුරටත් දැනුවත් කරමින් පාඨමාලාවේ සමාප්ති දේශනය පැවැත්වූ අතර ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 53’ හැදැරීමට බලපොරොත්තුවන භටපිරිස් සඳහා එම පාඨමාලාව පිළිබද කෙටි දැනුවත් කිරිමක් සිදුකරමින් එහි සමාරම්භක දේශණය ද සිදුකළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට සමගාමීව පවත්වනු ලබන මෙම පාඨමාලාවන් තුළින් භටපිරිස් සඳහා ඔවුන් හදාරන පාඨමාලාවල දැනුම උපයෝගි කරගනිමින් අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය වපසරිය නිර්මාණය කරනු ලබයි.

පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ යුද්ධ හමුදා පුහුණු අණසක (ARTRAC) අධීක්‍ෂණය යටතේ මෙම පාඨමාලාවන් ක්‍රියාත්මක කෙරේ.

‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 41’ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.සී.එස් ජයවීර තේරී පත් වූ අතර එම අවස්ථාවේදී ඔහුට ලාංඡන සහ සහතික පත්‍රයක් ද පිරිනමන ලදී. ඉන් අනතුරුව, පාඨමාලාව සඳහා සහභාගී වූ අනෙකුත් සියලුම භටපිරිස් සඳහා එහිදි සහතික පත් පිරිනැමිණි.