Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2021 16:35:56 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සංවත්සර දිනයේදී කුඩා ළමුන් සඳහා වියළි සලාක පරිත්‍යාග කෙරේ

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 70 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සෙනසුරාදා (27) දින මොරටුවේ පිහිටි ලීලා ජයසේකර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වෙසෙන කුඩා ළමුන් වෙනුවෙන් රසකැවිලි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් ද්‍රව්‍ය තොගයක් බෙදාදුන්හ.

කුඩා ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කළ වියළි සලාක පාර්සල් සහල්, පරිප්පු, මුං ඇට, කුළුබඩු, කිරිපිටි සහ රසකැවිලි වලින් සමන්විත විය. මීට අමතරව, එම ළමා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය කිහිපයක් ද පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සී.එස්. දේමුණි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.