30th November 2021 16:05:56 Hours
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය නගාසිටුවීමට යුද්ධ හමුදාව වෙතින් ලබාදෙනු ලබන පරිත්‍යාගයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් එම අර්ධද්වීපයේ අල්වායි සහ තුම්පාලෙයි ප්‍රදේශවල පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන් දෙදෙනෙකු වන තර්සන් යෝගේෂ්වරී මහත්මිය සහ නිරෝජන් යෝගම් මහත්මිය වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකිරීම සඳහා පසුගිය ඉරිදා (28) දින මුල්ගල් තබන ලදී.
නව නිවාස දෙක ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සව 55 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ අතර එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සුරතින් නව නිවාස දෙක ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුවේය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ (දමිළ මාධ්‍ය) 80 වැනි කණ්ඩායම විසින් ලබාදෙනු ලබන මුල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මෙම නිවාස දෙකේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. එමෙන්ම, 551 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවාස දෙක ඉදිකිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙනු ලබාදෙයි.
මුල්ගල් තැබීමේ උත්සව වලින් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් නිවාසලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ වියළි සලාක පාර්සල් පරිත්‍යාග කළ අතර එම උත්සව සඳහා සහභාගී වූ අනෙකුත් පුද්ගලයින් සඳහා ද තවත් වියළි සලාක පාර්සල් තොගයක් එහිදි පරිත්‍යාග කෙරිණි.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා නිවාස ඉදිකරදීම මීට වසර කිහිපයකට පෙර ආරම්භ කෙරිණි.
පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම උත්සව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 551, 552 සහ 553 වන බලසේනාවල බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සහභාගී වූහ.