29th November 2021 10:00:45 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භටපිරිස් පාසල් සිසුන්ගේ පුද්ගල සංවර්ධන හැකියාවන් සහ ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින වාකරේ මහා විද්‍යාලයේදී ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩමුළුවේදී විනය, කුසලතා ප්‍රවර්ධනය, ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීම, මානසික සෞඛ්‍ය සහ අභියෝගවලට මුහුණ දීමේ ක්‍රමවේද ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කරන ලදී. මෙම වැඩමුළුවෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි.
මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ලබාදුන් උපදෙස් මත 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත හා 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත හේවගේ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සඳහා ආචාර්ය රවිකුමාර් මහතා, නැගෙනහිර පළාත් ක්‍රිකට් පුහුණුකරු නිලන්ත විමලවීර මහතා, මඩකලපුව දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණුකරු අයිඩා ජොන්සන් මහත්මිය, අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු දිල්කි වීනාගොඩ මහත්මිය, මඩකලපුව දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු කබීර් අන්වර්දීන් මහතා සමඟින් 233 වන බලසේනාවේ බලසේනාධිපති සහ කදිරවේලි ජාතික පාසලේ හා වාකරේ මහා විද්‍යාලයේ විදුහල්පතිවරුන් සහභාගී වූහ.