29th November 2021 13:00:45 Hours
අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ප්‍රදේශයේ ඩෙංගු වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කල්මුණේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (28) දින එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.
24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් නින්දවූර්, අක්කරේපත්තු සහ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.