Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2021 21:33:16 Hours

5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් හානියට පත් වැව් බැම්මක් පිළිසකර කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ සෙම්මමොද්දායි වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැව් බැම්මෙන් ජලය කාන්දුවීම හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වු ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත පූනරින්, පල්ලිකුඩා ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම වැව් බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් එම ප්‍රදේශයේ වාරිමාර්ග නිලධාරින් විසින් ලබාදුන් මාර්ගෝපදේශවලට අනුව වැව් බැම්මෙන් ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා වැලි කොට්ට අතුරා පිළිසකර කළහ. මෙම වැව් බැම්මේ සිදුව ඇති කාන්දුව හේතුවෙන් වැව් බැම්ම හරහා දිවෙන මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බැවින් පසුගිය ඉරිදා (28) දින සන්ධ්‍යාව වන තෙක් භටපිරිස් එම වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලෙන ලදී.

5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උපදෙස් මත එක් නිලධාරියෙක් සහ සෙසුනිලයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.