29th November 2021 08:00:45 Hours
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වෙහෙරතැන්න වැවේ වැව් බැම්ම බිඳීයාමේ තර්ජනයකට ලක්ව තිබිණි. ඒ අනුව, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් සහ 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ හා 11 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පී. කරුණාරත්න ගේ අධීක්‍ෂණය යටතේ කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් එම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර එහි ආරක්‍ෂාව තහවුරු කරන ලදී.
මෙම හදිසි අවශ්‍යතාවය පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත දැනුම්දීමෙන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව 11 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් අවධානමට ලක් වූ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළහ.
මහවැලි ‘L’ කලාපයේ ගොවි ප්‍රජාව යුද්ධ හමුදා භටපිරිස් සමඟ අත්වැල් බැඳගනිමින් වැලි කොට්ට සහ පස් යොදාගනිමින් වැව් බැම්මේ ආරක්‍ෂාව තර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.