29th November 2021 09:00:45 Hours
වැලිඔය ගැමුණුපුර ප්‍රදේශයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 623 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
දකුණු පළාතේ වැඩවසන අනුරුද්ධ හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය මත 2021 නොවැම්බර් මස 14 දින ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල වෙසෙන පාසල් සිසුන් 35 දෙනෙකු වෙත රුපියල් 6000/= ක පමණ වටිනාකමකින් යුත් පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදාදුන්හ.
මෙම වැඩසටහනට සමගාමීව සංවිධානය කළ තවත් වැඩසටහනකදී ශ්‍රී තිස්සපුර විද්‍යාලයේ සිසුන් 170 දෙනෙකුට පමණ පාසල් පොත් සහ ලිපිද්‍රව්‍ය මෙන්ම පුස්තකාල උපකරණ, පරිඝණකයක් සහ තවත් අධ්‍යපනික උපකරණ කිහිපයක් බෙදාදීමට භටපිරිස් කටයුතු කරන ලදී.
මෙම ව්‍යාපෘතිය 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්. මුණසිංහ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාව සඳහා 623 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් මැදගොඩ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් එන්. මඩුගල්ල සහභාගී වූහ.
තවද, මෙම අවස්ථාව සඳහා අනුරුද්ධ හිමිපාණන්, පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්, දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් එක්වූහ.