29th November 2021 14:52:44 Hours
කරෙයිනගර් සහ පුත්තූර් ප්‍රදේශවල වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් දෙකක නිවාස අවශ්‍යතාවය පිළිබඳ එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරින් මඟින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු දැනුවත් කිරීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ වෙසෙන කීර්තිමත් දානපතියන් වන මෝහන් ශංකර් මහතා සහ එම මැතිණියගේ මූල්‍යමය දායකත්වය හා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්හී ශ්‍රම දායකත්වය යොදාගනිමින් අවශ්‍යතා සහිත පවුල් දෙක වෙනුවෙන් නව නිවාස දෙකක් ඉදිකරන ලදී.
නව නිවාස දෙකෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර සති කිහිපයක් තුළ නිවාසලාභින් වෙත නව නිවෙස් පවරාදීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ. හින්දු ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (27) දින පැවති නව නිවාස විවෘත කිරීමේ උත්සවවල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සුරතින් නිවාසලාභි තම්පිරාසා මාතියලාගන් මහතා සහ එස්. සුරේෂ්කුමාර් මහතා වෙත නව නිවෙස්වල යතුරු භාරදුන්නේය.
යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර පවතින සුහදත්වය, සංහිඳියාව සහ සහජීවනය තවදුරටත් වැඩිදියුණු කරමින් සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ ඔවුන්ගේ නිවාස අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන යටතේ මෙම නිවාස දෙකෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ඉංජිනේරු සහය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදුන්හ.
513 සහ 522 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්ගේ සහ අණදෙන නිලධාරින්ගේ අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 15 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
නව නිවාස විවෘත කිරීමේ උත්සව අතරතුර, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නිවාසලාභින් වෙත අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වියළි සලාක පාර්සල් ද බෙදාදුන්නේය. එමෙන්ම, යුද්ධ හමුදා භටපිරිස්හී කුසලතා පිළිබඳ ඉමහත් විශ්වාසයෙන් යුතුව ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් මෝහන් ශංකර් මහතා සහ එම මැතිණිය ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සමඟ සම්බන්ධීකරණය මත පසුගිය මාස කිහිපය තුළ මෙවැනි ප්‍රජා මූලික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සිය දායකත්වය ලබාදී ඇත.
නව නිවාස විවෘත කිරීමේ උත්සව අවස්ථාවන් සඳහා 51 සහ 52 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 513 සහ 522 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, නිවාසලාභීන් සහ එම පවුලේ සාමාජිකයන් මෙන්ම ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.