27th November 2021 19:04:18 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙනු ලබයි. ඒ අනුව, දිවයින පුරා පිහිටි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන මේ වන විට ටොන් 25,000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය කරමින් මෙම ජාතික ව්‍යාපෘතිය සඳහා දායක වී ඇත.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් මහ කන්නයේ කෘෂීකාර්මික අවශ්‍යතාවයන් සඳහා මීට පෙර ඔවුන් ලබාදුන් කාබනික පොහොරවලට අමතරව නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 91,000 ක ප්‍රමාණයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින 22 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) වෙත භාරදෙන ලදී.
යුද්ධ හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟින් ඉදිරියේදී ද දිවයිනපුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ඇති සියලුම බලඇණි මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දක්වයි.
කාබනික පොහොර ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් නිෂ්පාදනය කරන ලද මෙම පොහොර තොගය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ මාර්ගෝපදේශ මත නැගෙනහිර භටපිරිස්වල සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස බෙදා හැරීමට හැකිවිණි. ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 22 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවති කාබනික පොහොර බෙදාදීමේ වැඩසටහනට එක්වී සීමාසහිත ලංකා පොහොර සමාගමේ (ලක් පොහොර) ප්‍රාදේශීය කළමණාකාර (නැගෙනහිර) එම්. ධම්මික රත්නායක මහතා වෙත සංකේතාත්මකව එම තොගය භාර දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම උත්සව අවස්ථාව කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙන අතර, 2021 ඔක්තෝම්බර් මස 26 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 86,961 ක ප්‍රමාණයක් සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) වෙත භාරදෙන ලදී.