Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 18:00:44 Hours

53 වන සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශය යටතේ පාලනය වන ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ ඒකකයන්වල සංචාරයක

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු නොවැම්බර් මස 11, 12 සහ 13 යන තෙදින තුළ වවුනියාවේ වෙල්ලන්කුලම් හි පිහිටි ගුවන් සංක්‍රමික බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.  

මෙම සංචාරයේදී මේජර් ජෙනරල් ප්‍රනාන්දු ගුවන් සංක්‍රමික බලසේනාව යටතේ පාලනය වන 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන ගජබා රෙජිමේන්තුව, 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 වන ගැමුණු හේවා බලකායේද නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒකකයන් වෙත සපැමිණි 53 වන සේනාංකයේ සේනාංකාධිපති හමුදා සම්ප්‍රදායානූකූලව අදාළ ඒකකයන්වල අණදෙන නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමේන් අනතුරුව එම ඒකකයන්වල කාර්යභාර්ය පිළිබද අණදෙන නිලධාරීන් විසින් සේනාංකාධිපති දැනුවත් කළේය.

මෙම සංචාරයන් පවතින කොවිඩි-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වනු ලැබු අතර, එම සංචාරයන් සඳහා 53 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.