Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2021 08:00:00 Hours

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මාර්ගෝපදේශය මත මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ දෙදින වැඩමුළුවක්

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ මාර්ගෝපදේශය යටතේ මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. මෙම වැඩමුළුව නොවැම්බර් මස 23 සහ 24 යන දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයේදී පවත්වන ලදී.

මෙම දෙදින වැඩමුළුව කොළඹ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ කලාපීය සන්නද්ධ හා ආරක්‍ෂක හමුදා නියෝජිත බ්‍රිගේඩියර් ජැක් ලෙමේ (විශ්‍රාමික) (Brigadier Jacques Lemay (Rtd)), ක්ලෝඩියා (Mr. Claudia) මහතා සහ චන්න ජයවර්ධන (Mr Channa Jayawardena) මහතා විසින් මෙහෙයවනු ලැබු අතර, එහිදි මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ පුළුල් ලෙස කරුණු පැහැදිලි කරන ලදී. මෙම වැඩමුළුව සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් එක් වූහ.

වැඩමුළුවේදී බ්‍රිගේඩියර් ජැක් ලෙමේ (විශ්‍රාමික) සහ විද්වත් දේශක මඩුල්ල විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ එහි ඓතිහාසික පරිණාමය, ජාත්‍යන්තර නීති පද්ධතිය, මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති විශ්ව සංග්‍රහය හඳුන්වාදීම, මූලික පාරිභාෂිතය සහ නිර්වචන, යුද කටයුතු සහ ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබද මූලික මූලධර්ම, නීතිය බලාත්මක කිරීමේ බලතල, මානුෂීය නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමේ මෙහෙයුම්, පශ්චාත් ගැටුම්කාරි තත්ත්වයන් තුළදී නීතිය ක්‍රියාත්මක කිරීම, මානුෂීය නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි වගකීම් පිළිබදව කරුණු පැහැදිලි කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ උපදෙස් මත යුද්ධ හමුදා මානව හිමිකම් සහ මානුෂවාදි නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

වැඩමුළුවේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් වැඩමුළුව සාර්ථක කරගැනීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රධානය කරමින් ඇගයුමට ලක් කළේය. තවද එහිදි බ්‍රිගේඩියර් ජැක් ලෙමේ (විශ්‍රාමික) විසින් ආරක්‍ෂක සේනා මූලස්ථාය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න වෙතද සමරු තිළිණයක් ප්‍රධානය කළේය.