Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2021 15:07:28 Hours

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් වැලි කොට්ට අතුරා වැව්බැම්මේ ආරක්‍ෂාව තර කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවු ගංවතුර හේතුවෙන් හානියට පත් නිකවැරටිය, දිවුලේගොඩ ප්‍රදේශයේ පිහිටි වැවක වැව් බැම්මේ වැලි කොට්ට අතුරා ආරක්‍ෂාව තර කිරීමට ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින සමත් විය.

පසුගිය දිනවල ඇඳහැලුණු ධාරාණිපාත වාර්ෂාපතනයත් සමඟ වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් වැව් බැම්මේ මීටර් 10 ක පමණ ප්‍රමාණයක බිඳියාමත් සමඟ ජලය කාන්දු වීමක් ඇති වී ඇති අතර එම කාන්දුව විශාල වුවහොත් ප්‍රදේශයට විශාල ව්‍යසනයක් සිදුවිය හැකි බවට යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරිමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වු භටපිරිස් වැව්බැම්ම යළි පිළිසකර කිරීම සඳහා යුහසුළුව කටයුතු කළහ.

ඒ අනුව, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් වැව් බැම්ම යළි පිළිසකර කිරීම සඳහා අවශ්‍ය වැලි සහ මලු ලබාදුන් අතර ප්‍රදේශයේ ගොවීන්ගේ සහ ගම්වාසීන්ගේ සහය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් හානියට පත් වැව් බැම්ම මත වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කළහ.

143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටි.එම්.එෆ්. කිච්ලන් ලබාදුන් උපදෙස් මත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ මේජර් ඒ.යු.කේ. හෙට්ටිආරච්චි සහ මේජර් එම්.ජි.එම්.එස්. බණ්ඩාර ඇතුළු සෙසුනිලයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත් වූහ.