26th November 2021 23:00:57 Hours
“අප දැනට දිනකට වෛරසය ආසාදිත රෝගීන් ආසන්න ලෙස 700 ක් පමණ හඳුනාගනු ලබන අතර තවමත් දිනකට මරණ 20-30 ක් පමණ සිදුවේ. පසුගිය සතිය හා සසඳන විට වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ. රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහන් යටතේ මේ වනවිට ජනගහනයෙන් 84% කට එන්නත් ලබාදීමට හැකිවී තිබෙනවා. එය රටක් වශයෙන් අප අපේක්‍ෂා කළ දෙයක්. අපි මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලබාදීම ද ආරම්භ කර තිබෙනවා.” යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (25) දින රාජගිරියේ පිහිටි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති කොවිඩ් කාර්යසාධක බලකා සාකච්ඡාවේදී පැවසීය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් පළමු එන්නත ලබා නොගෙන ඇති බව ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පෙන්වාදුන්නේය. බොහෝ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකලත් ඔවුන් කිසිදු එන්නතක් ලබාගැනීමට උනන්දුවක් නොදක්වන බව ද පෙනේ. බූස්ටර් මාත්‍රාව සම්බන්ධයෙන් ගත් කල, එම මාත්‍රාව ලබාගන්නා වැඩිහිටියන්ගේ ප්‍රතිශතය ද අවාසනාවන්ත ලෙස තවමත් ඉතා අඩුය. කෙසේවෙතත්, ඉදිරි දිනවලදී එම ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු බව ද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.
“නුඳුරේදි එළඹෙන්නේ උත්සව සමයක් බැවින්, වෛරසය ආසාදිත නව රෝගීන්ගේ හදිසි වැඩිවීමක් සිදු වුවහොත් හදිසි ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවිය හැකි බැවින් ඒ සඳහා මහජනතාව වගකීම් සහගත ලෙස සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් කල්තිය අනුගමනය කිරිම අත්‍යාවශ්‍ය වේ. එසේම, පාසල් ළමුන් සඳහා ද එන්නත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කෙරෙන අතර, උත්සව සමයේදීත් ඉදිරි මාසවලදීත් අවධානම පිළිබඳව මහජනතාව දැනුවත් කරන අතරම බූස්ටර් මාත්‍රාව ලබාදීමට ද සිදු කෙරේ.” යැයි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාවට සහභාගි වු සියලුදෙනාට ස්තූතිය පුද කල යුද්ධ හමුදාධිපතිතුමන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් හඳුනාගැනිම සඳහා මහජනතාවට ස්වයං පරික්‍ෂණයක් සිදුකරගැනීමට හැකි LAMP පරීක්‍ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අනුමැතිය ලබාගැනීමට කටයුතු කළ අදාළ බලධාරීන්ට සිය සුබපැතුම් එක් කළේය.
සාකච්ඡාව අතරතුරදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු වත්මන් තත්ත්වය පිළිබඳ සිය අදහස් හුවමාරු කරගත්තේය.