Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2021 20:18:29 Hours

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ හිඟවෙමින් පවතින රුධිර සංචිත ප්‍රතිපූර්ණයට යුද්ධ හමුදා භටපිරිස් දායක වෙයි

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ලේ බැංකුවේ හිඟවෙමින් පැවති රුධිර සංචිත අවශ්‍යතාවය නැවත ප්‍රතිපූර්ණය කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ. 231 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ඉකුත් සිකුරාදා (19) දින පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහනේදී යුද්ධ හමුදා සාමාජිකයින් 95 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කළහ.  

රෝහල් බලධාරින්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ලේ බැංකුවේ හිඟවෙමින් පැවති රුධිර සංචිත ප්‍රතිපූර්ණය කිරීම සදහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා මඩකලපුව ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ වෛද්‍ය සහයකයින්ගේ සහයෝගය හිමිවූහ.  

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එන්. කේ.ඩී. බණ්ඩාර, 23 වන සේනාංකයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානි, සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ගේ උපදෙස් මත 231 වන බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.