Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2021 13:00:50 Hours

මුදවාගැනිමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා කැපවූ භටපිරිස්වල කැපවීම ඇගයේ

පසුගිය කාල වකවානුවේ බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල ඇති වූ ගංවතුර උවදුරෙන් පීඩාවට පත් පුද්ගලයින් මුදවාගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු සඳහා දායකත්වය දැක්වූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස්හී කැපවීම අගය කරමින් ඔවුන් වෙත ඇගයීම් සහතිකපත් ප්‍රදානය කරන ලදී.

බදුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 112 වන බලසේනාවේ සංචාරයක නිරත වූ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතු භටපිරිස් සිය ජීවිත අවධානම නොතකා සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම් අගයකරමින් ඔවුන් වෙත ඇගයීම් සහතිකපත් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.